FAST NEWS

24×7 Around the Globe

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ගින්නක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) පෙරවරුවේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක  ගින්නක් හටගත් අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීම් දෙපාර්තමේන්තුවෙන් රථ දෙකක් ද යෙදීමට කටයුතු කර තිබුණි.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැකකෙරෙන අතර, කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව පොලිසිය සදහන් කරයි.
මේ වන විට ගින්න මැඩ පැවැත්වා ඇති බවත් පොලිසිය පවසයි.