FAST NEWS

24×7 Around the Globe

අයවැය තීරණයක් ගැනිමට ජනපති ශ්‍රීලනිපය කැඳවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අයවැය ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) රාත්‍රියේ ජනාධිපති නිළ නිවසේ දී පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
මේ සඳහා පක්ෂයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනිවාර්යෙන්ම සහභාගී වන ලෙස දන්වා ඇති බවද කියැවේ.
අයවැය පිළිබඳ තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසීම ලබන සිකුරාදා (05) පැවැත්විමට නියමීතය.