FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ නියෝගයෙන් මත්කුඩු කිලෝ 765ක් අද (01) විනාශ කෙරේ (photos)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් දියකර, විනාශ කර දැමීම අද (01) සිදුකිරීමට නියමිතය.
කැළණිය – මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී අදාළ මද්‍රව්‍යය තොගය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හල වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමට නියමිතව ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමීතින්ට අනුවයි මෙම මත්කුඩු තොගය විනාශ කිරිම සිදුවන්නේ.
2018 වසරේ ජනවාරි මස 15 වනදා ද , කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් මත්ද්‍රව්‍යය තොගයක් විනාශ කරනු ලැබීය.