FAST NEWS

24×7 Around the Globe

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමීෂන් සභාවේ නව සභාපති එස්.රනුග්ගේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පත් කර තිබෙන අතර, සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් වන සී.පී. සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා, ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත‍්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප‍්‍රනාන්දු, ජී.එස්. එදිරිසිංහ, එම්.සී. වික‍්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකෝන්, ඞී.අබේසුරිය, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්වරුන් කටයුතු කරති.
ඔවුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම   ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය