FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ සිට ලංකාවට හිරු මුදුන් වෙයි…

(කොළඹ | ෆාස්ට් නිව්ස් ) – එළැඹෙන සතියේ 05 වනදා සිට 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම හේතුවෙන් දහවල් සහ රාත්‍රී කාලයේ උණුසුම වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු පළාතේ දික්වැල්ල, කැකණදුර, කොටවිල යන ප්‍රදේශවලට ලබන 05 වනදා හිරු මුදුන් වන අතර, උතුරු පළාතට හිරු මුදුන් වන්නේ ලබන 15 වනදායි.
මේ තත්ත්වයේදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇති අතර එය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 38.8ක් ලෙසයි.
මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් වැඩිපුර ජලය පාලනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.