FAST NEWS

24×7 Around the Globe

Facebook ලයිව් සීමා කිරීමට සැරසෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – ෆේස්බුක් ලයිව් හෙවත් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීවි ලෙස විකාශය කිරීමේ පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත.

ඒ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සුදු ජාතික අන්තවාදී ත්‍රස්තවාදියා සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.

ඊට පියවරක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයට ද දැඩි බලපෑමක් එල්ලවී තිබේ.