FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු පහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල අතර සහ මහරගම – මාතර අතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.
ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිතය.
නව බස් සේවාව හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදු වනු ඇති.
මහරගම – ගාල්ල අධිවේගී මාර්ග බස් ගාස්තුව ලබන පළමු වැනි තදා සිට රුපියල් 20 කින් පහත දමා ඇති අතර ඒ අනුව මාකුඹුර – ගාල්ල අතර නව මිල රුපියල් 420 කි.
මහරගම – මාතර අතර රුපියල් 550ක් පැවති බස් ගාස්තුව අනිද්දා සිට රුපියල් 20කින් පහළ දැමෙන අතර මාකුඹුර – මාතර නව ගාස්තුව රුපියල් 530ක් වනු ඇති.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට (31) ජනතා අයිතියට පත් කෙරෙන බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.