FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ විදුලිය නොකපන බවට රවීගෙන් සහතිකයක්…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම , මෙම විදුලි අර්බුදය බලපැවැත්වෙන්නේ තව දින 10 ක් පමණක් බවත් අමාත්‍යවරයා සහතික විය.
ලංකාවට නිසි විදුලි ජනන සැලැස්මක් නොමැතිවීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව ඇති බවත් ඔහු පවසයි.
පවතින තත්ත්වය එතරම්ම බැරෑරුම් නොවුණත් නාස්ති නොකර අරපරිස්සමින් විදුලිය පරිභෝජනය කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.