FAST NEWS

24×7 Around the Globe

කංජීපානි සී.සී.ඩී අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.
එලෙස අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන් වන්නේ, අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා, අමිල් සම්පත් සහ ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් යන පුද්ගලයින් වෙති.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙක් ලෙස සැලකෙන මාකදුරේ මධුෂ් සමග මෙමපිරිස ද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූයේ , පසුගිය පෙබරවාරි 5 වනදායි.