FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ කෙසෙල් මිල ඉහළ යන ලකුණු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන අලුත් අවුරුදු සමය තුළ කෙසෙල්වල මිල ගණන් ඉහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ කෙසෙල් ගස්වලට හානි සිදුවීම හේතුවෙන් ඵලදාව අඩුවීමයි.
උත්සව සමයේදී කෝලිකුට්ටු කිලෝවක් රුපියල් 200 දක්වා මිලකට අලෙවි විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විඩිදුරටක් සඳහන් කරයි.