(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දීප ව්‍යාප්ත සේවාවල රජයේ විධායක නිලධාරීන්ට වසර 06 න් 06ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 06 න් 06ට උසස්වීම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට මෙම අනුමැතිය හිමිවී තිබේ.
දැනට පවතින ක්‍රමය අනුව වසර 10 න් 10 ට උසස්වීම් ලබාදීම වන අතර නව ක්‍රමය හේතුවෙන් එම නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් ලබාගත හැකිවනු ඇත.








