FAST NEWS

24×7 Around the Globe

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගොනු කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 14 වනදා පිහිටවනු ලැබූ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද (28) අල්ලස් කොමිසම විසින් ගොනුකරලැබ තිබේ.
කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්ද්‍රසිරි තෙන්නකෝන්ට එරෙහිව අදාළ නඩුව පවරා ඇති අතර , ඔහු රසායනාගාර පරීක්ෂණ වාර්තා පිළිගැනීම සදහා කුලියාපිටිය ප්‍රදේශයේ රසායනාගාරයක හිමිකරුගෙන් මාසිකව රුපියල් 25,000 බැගින් අල්ලස් ඉල්ලීම ඇතුළු අධි චෝදනා 06 ක් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇත.