FAST NEWS

24×7 Around the Globe

ඩුබායි සිට පැමිණි බන්ධනාගාර නියාමකගේ සේවය අත්හිටුවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් , මොහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවත්ය.
ඊයේ (27) දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදුන් සැකකරු එහිදී අත්අඩංගුවට පත්විය.