FAST NEWS

24×7 Around the Globe

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු කටයුතු විෂය පථය සිය අමාත්‍යාංශය යටත පැවරී ඇති නමුත්, එය වැඩි දියුණූ කිරිම තමාට අපහසු කටයුත්තතක් නොවන බව, කර්මාන්ත හා වාණිජ කටයුතු, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (27) නාරාහේන්පිට ‘නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ’ (නිපුණතා පියස) වැඩ භාර ගනිමීන් කියා සිටියේය.
ඒ අනුව තමා වෙත පවරා ඇති නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන සාර්ථක ලෙස සිය අමාත්‍යාංශයට දියුණු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය), ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය, නිපුණතා සංවර්ධන අරමුදල, ශ්‍රී ලංකාව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, මුද්‍රණාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව,කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මාර්තු මස 18 දින අති විශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා යටතට පැවරීය.
මෙම වැඩ භාර ගැනිමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතානද මෙම එක්ව සිටියහ.