FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයෙක් එංගලන්තයේදී ඝාතනය වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එංගලන්තයේ පදිංචිව සිටි රවී කතකමාර් නමැති 54 හැවිදිරි ශ්‍රී ලාංකිකයෙකු දරුණු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්වී ඇත.
ඔහු එරට ‘පිනර්’ ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙන අතර පසුගිය ඉරිදා පෙරවරු 6.30ට පමණ ඔහු සිය වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බව එරට පොලිසිය පවසයි.
මංකොල්ලකරුවෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට එරට පොලිසිය සැකපළකරයි.
එම ප්‍රදේශය පුරා ජනප්‍රිය චරිතයක් වූ රවී කතකමාර් වයඹ දිග ලන්ඩනයේ පුවත්පත් නියෝජිතවරයෙකු ලෙසද ක්‍රියාකර තිබෙන අතර සැකකරුවන් සොයා පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.