FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වාසයක් නෑ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිම විශ්වාසයක් නැතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ,කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (27) පැවැති මහජන එක්සත් පෙරමුණේ හිටපු නායක දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 47 වැනි ගුණ සමරු උත්සවයට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
එමෙන්ම තම පාලන කාලයේදී මිනිසුන් කරදරයක් නැතුව ජීවත් වූ බව කී විපක්‍ෂනායකවරයා කළමණාකරණයේ දී යහපාලන ආණ්ඩුව දක්වන දුර්වලතාවය නිසා සෑම ක්‍ෂේත‍්‍රයකින්ම මිනිසුන් පීඩාවට පත්වන බවද සඳහන් කළේය.
මීට වසර දෙකකට පමණ සාම්පූර් විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිතව තිබුණත් රජය එය ඉදිනොකළ නිසා අද වනවිට විදුලි අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කළ විපක්‍ෂනායකවරයා නිසි විසඳුම් නොදෙන්නේනම් මේ තත්තවය තවත් බැරූරුම් වන බවද කීය.