FAST NEWS

24×7 Around the Globe

විමල්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව කැදවීම ජූලි 29 වනදා…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 29 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 06 ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක්ව සිටි බවට විමල් වීරවංශට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා ඉදිරියේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන 08 ක පවතින පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සදහා විත්ති පාර්ශවයට අධිකරණය විසින් අද (27) අවසර ලබා දුන්නේය.