FAST NEWS

24×7 Around the Globe

කල්බදු ක්‍රමය ඔස්සේ ලංගමට සුඛෝපභෝගී බස් රථ 37 ක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) –  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37 ක් කල්බදු ක්‍රමයට ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම බස් රථ ප්‍රසම්පාදනය සීමා සහිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් හිමිකරගෙන තිබේ.
පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගි ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමට සමගාමීව මෙම බස් රථ කල්බදු ක්‍රමයට ලබාගැනිමට නියමිතය.