FAST NEWS

24×7 Around the Globe

විදුලි අර්බුදයට මුහුණදීමට රවී ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) –  විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද විදුලි අර්බුදයට මුහුණදීම සඳහා අනුගමනය කළයුතු කරුණු කිහිපයකින් සමන්විතව යෝජනාව සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ඉදිරි මාස 03 ක කාළය තුළ සියලුම නිවෙස්වල විදුළි පහන් දෙකක් නිවා දැමීම , රාජ්‍ය ආයතන ආගමික සහ වානිජ ස්ථානවල විදුලි පරිභෝජනය 10% කින් අඩු කිරීම , අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම සහ සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවා දමන වේලාවට පැයකට පෙර සියලුම වීදි පහන් නිවා දැමීම ආදී කාරණා අදාළ යෝජනාවේ ඇතුළත්ව ඇත.
විදුලිබල නිෂ්පාදනය යථාතත්වයට පත්කරන තෙක් විදුළිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව සහ ආයතන දැනුවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශවල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරීම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සදහන් කරයි.