FAST NEWS

24×7 Around the Globe

පුද්ගල ඝාතනයක් සිදුකළ හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කතරගම ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ මාතලේ – විල්ගමුව – ගුරුවලයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කරයි.
සැකකරු විසින් ඊයේ (26) මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිදගේ ස්වාමි පුරුෂයා වන අතර , ඝාතනය සම්බන්ධයෙන් තිදරු මවක් වන එම කාන්තාව ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.