FAST NEWS

24×7 Around the Globe

අභාවප්‍රාප්ත වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට(28)..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (28) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත.
පසුගිය 25 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහය මේවන විට නාවින්න රජමහා විහාර පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඒ මහතා ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට එක් විය.
ඉන්පසුව වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු 2002 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී කටයුතු සිදුකරනු ලැබීය.
මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.