FAST NEWS

24×7 Around the Globe

විදුලි කප්පාදුව ගැන සෙවීමට ජනපතිගෙන් කමිටුවක්..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – දිවයින පුරා පවතින දැඩි වියළි කාළගුණය හමුවේ මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව සහ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීම සඳහා ඊයේ (26 ) ජනාධිපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුව සදහා කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න , රවී කරුණානායක සහ ආචාර්ය හර්ෂද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළත්වේ.
පවතින විදුලි අර්බුදයට ඉතා ඉක්මණින් විසදුම් ලබාදෙන ලෙසටද ඒ පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසට ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුවට උපදෙස් දී ලබාදී ඇත.