FAST NEWS

24×7 Around the Globe

හෙද වර්ජනය අද (27) දෙවන දිනටත්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (26) දිනයේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද (27) ක්‍රියාත්මක වෙයි.
බලධාරින්ගේ අවධානය යොමු නොවිම හේතුවෙන් අද (27) දිනයේද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමීයන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
සිය වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත වසර 04 ක පමණ කාලයක සිට දැනුම් දුන්න ද මේ දක්වා ඒ සඳහා විසඳුම් ලබා දී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියයි.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබු මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට ඊයේ (26) දිනයේදි බාධා එල්ලව තිබු බවත් වාර්තා වේ.