FAST NEWS

24×7 Around the Globe

මිල්කෝ සහ හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස ඇමතිගෙන් උපදෙස්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – එළැඹෙන උත්සව සමය සඳහා මිල්කෝ සහ හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සළසන්නැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් විසින් අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කිරීමටත්, දෛනික නිෂ්පාදිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය 20,000 කින් ඉහළ දැමීමටත් මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (25) දිගන, මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවකදීයි.
ආනයනය කරනු ලබන කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතුව ඇති හෙයින් මෙරට දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමීමේ අරමුණ වී තිබේ.