(ෆාස්ට් නව්ස් | කොළඹ ) – කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
පවතින වියළි කාළගුණය හේතුවෙන් පසුගිය 22 හා 23 යන දෙදින කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියක් ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබීය.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 06 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය සදහන් කරයි.








