FAST NEWS

24×7 Around the Globe

උසස් අධ්‍යාපන තත්ත්ව සහතික, ද්විවාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලයේ 15 වන ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ (INQAAHE) දෙවන දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ආරම්භ විය.
‘‘තත්ත්ව ආරක්ෂණය, යෝග්‍යතා හා පිළිගැනීම ගෝලීයකරණය වූ ලෝකය තුළ විශ්වාසය නංවාලීම’’මෙවර මෙහි තේමාවයි.
ඊයේ (25) දිනයේදී ආරම්භ කෙරුණු මෙම සම්මන්ත්‍රණය අනිද්දා (28) දක්වා කොළඹ – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.
INQAAHE යනු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය පිළිබඳ මූලධර්ම හා භාවිතය පිළිබඳ ක්‍රියා කරන ආයතන 300කින් පමණ සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි. එහි ද්විවාර්ෂික සමුළුවේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව එය සංවිධාන කරන අතර, ඊට රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විශේෂ නියෝජිතයින් එක්ව සිටියි.