FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වනදා…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දිනයක් පවත්වාගෙන යාමට ගත් තීරණය අනුව මාර්තු 28 දා ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.
2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් සහ පෞද්ගලික අපේක්ෂකයින් 656641 ක් පෙනී සිට ඇත.
විභාග ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවිය හරහා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඇත.