.
අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (01 දා) සවස 3.00 ට පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදුකරනු ලබයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාරයක් අරඹමින් සිදුකරන ප්‍රථම රාජාසන කතාව ද මෙය වේ.
ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව සිදුකරනුයේ කථානායකවරයාගේ ආසනයේ (මුලසුනේ) සිටය. එම අවස්‌ථාවේදී කථානායකවරයා මුලසුනට ඉදිරියෙන් ඇති ලේකම්වරුන්ගේ අසුනේ අසුන් ගැනීම සිදුකෙරේ.
ජාතික ආණ්‌ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම අවස්‌ථාවට මෙරට සිටින විදෙස් තානාපතිවරුන් ඇතුළු විදෙස් දූත පිsරිස්‌වලට ද ආරාධනා කර ඇති අතර පාර්ලිමේන්තු ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමා කර ඇත.
ජනාධිපතිවරයා සිය රාජාසන කතාව පස්‌වරු 3.00 ට සිදු කළ ද පාර්ලිමේන්තුව රැස්‌වන්නේ අද (01 දා) පෙරවරු 9.30 ටය.
වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය රැගෙන සභාගැබට පිවිසීමත් සමඟ පෙරවරු 9.30 ට සභාවේ කටයුතු ඇරැඹේ. එහෙත් වේත්‍රධාරිවරයා විසින් සෙංකෝලය තැන්පත් කරනුයේ පාර්ලිමේන්තුව
රැස්‌වන අවස්‌ථාවේදී එය තැන්පත් කරන ස්‌ථානයේ නොව ඊට පහළින් ඇති කාරක සභාවක් ලෙස පාර්ලිමේන්තුව රැස්‌වන අවස්‌ථාවේදී සෙංකෝලය තැන්පත් කරන ස්‌ථානයේය. ඒ වන විටත් පාර්ලිමේන්තුව විධිමත් ලෙස රැස්‌වී නොමැති නිසාවෙනි.
පසුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නව කථානායකවරයකු තෝරා ගැනීමේ නිවේදනය සභාවට ඉදිරිපත් කරනු ලබයි. ඒ අවස්‌ථාවේදී රහස් ඡන්දයෙන් හෝ නිතරගයෙන් නව කථානායකවරයා තෝරා ගැනේ. ඉන්පසු කථානායක ධුරයට පත් වූ මන්ත්‍රීවරයා මුලසුන වෙත ගොස් අසුන් ගැනීමත් සමඟ සෙංකෝලය නියමිත ස්‌ථානයේ තැන්පත් කිරීම වේත්‍රධාරිවරයා විසින් සිදු කරයි.
අනතුරුව පළමුව කථානායකවරයාත් පසුව අභිනව මන්ත්‍රීවරු දෙසිය විසිහතර දෙනාත් මන්ත්‍රීවරුන් ලෙස ප්‍රතිඥ දෙති. ඉන් පසුව නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරයි. පස්‌වරු 3.00 දක්‌වා සභාව කල්තැබීම ඉන්පසු කථානායකවරයා විසින් සිදුකරනු ලබයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.