FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් වසර අවසානයට පෙර..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමය මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, කඩවත – කෙරවලපිටිය මාර්ග කොටස අධිවේගී මාර්ගවලට සම්බන්ධ වූ පසු කටුනායක සිට මාතර දක්වා ගමන් කරන වාහන සඳහා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.
ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් යටතේ පිටවීමේ දොරටුවලදී පැයට කිලෝමීටර් 20 වේගයකින් එම ස්ථානයෙන් ගමන් කිරීමේ විශේෂ පහසුකම් ද හිමිවෙයි.
එසේම ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ඇති කර ගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය හා ජා-ඇළ සහ සීදුව හුවමාරු මධ්‍යස්ථානවලට පාරිභෝගික මධ්‍යස්ථාන තුළින් සිදුකර ගතහැකි බවත්, ඉරිදා හැර අනෙකුත් දිනවල පෙරවරු 7.00 ත්, පස්වරු7.00 ත් දක්වා කාලය තුළ මෙම මධ්‍යස්ථාන විවෘතව පවතින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.