FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 03 වෙනිදා සිට කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වැටලීම් පුළුල් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් මස 03 වැනිදා සිට වඩාත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
අප්‍රේල් 03 වනදා රටේ සියලු දෙනා මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි.
ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධවී ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.