FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්න රණතුංගට සහ බිරිදට විදෙස් ගතවීම සදහා අවසර ලබාදෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග හට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (25) අවසර ලබා දුන්නේය.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
කොළඹ, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නිරවුල් කර දීම සඳහා ව්‍යපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි ඔවුන් දෙපළට එරෙහිව චෝදනා එල්ල විය.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට මැයි මස 03 වනදා සිට එම මස 20වනදා දක්වා කාලසීමාව තුළ යුරෝපයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලා තිබේ.