FAST NEWS

24×7 Around the Globe

වසර 02 ක් ගතවනතුරු නව සෞඛ්‍ය පත්වීම්ලාභීන්ගේ ස්ථාන මාරුවීම් අවලංගු කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට ස්ථාන මාරු දෙන බවට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ට වසර 02 ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සෞඛ්‍ය වෘත්තිය සමිති සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් සදහා එක්වෙමින්.
පත්වීම් ලිපියේ සදහන් වන අනුමත කාල සීමාව පත්වීම ලැඛෙන සේවා ස්ථානයේ රාජකිරී කල යුතු බවත් සාධාරණ හේතු මත පමණක් ස්ථාන මාරුවීම් ලබාදිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණි.