FAST NEWS

24×7 Around the Globe

ඉරාන ජාතිකයන් 09 දෙනා රිමාන්ඩ් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා ලබන 29 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තුළ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකණය අද (25) නියෝග කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඉරාන ජාතිකයන් 09 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කළේය.
හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ මෙම ඉරාන ජාතිකයන් 09 දෙනා දකුණු මුහුදු තීරයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගැණුනි.