FAST NEWS

24×7 Around the Globe

කඳුළු ගෑස් මිලදී ගැනීමට 2017 වසරේදී කෝටියකට අධික මුදලක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
නමුත් 2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදුවී නොමැති බවත් එම අමාත්‍යංශය පවසයි.
ජාතික ප‍්‍රතිපත්ති, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශය වෙත , උදය ගම්මන්පිල මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබේ.