FAST NEWS

24×7 Around the Globe

විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (25)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියළි කාළගුණය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබදව වන අවසන් තීරණය අද (25) ගන්නා බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.
විදුලි බල අමාත්‍යවරයා , අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අද පෙරවරුවේ පවත්වන සාකච්ඡාවෙන් පසු අවසන් තීරණය ගන්නා බව අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා කියා සිටියේය.