FAST NEWS

24×7 Around the Globe

තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (23) රාත්‍රියේ තලංගම, තලාහේන ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් හලක් කොල්ල කෑමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උඩට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ සේවකයන් බිය ගන්වා ඔවුන් සන්තකයේ හා ලාච්චුවේ තිබූ මුදල් කොල්ල කා තිබේ.
සැකකරුවන් විසින් රැගෙන ගිය මුදල් ප්‍රමාණය අණාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.