FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කීපයකට අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) වයඹ , මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.