FAST NEWS

24×7 Around the Globe

නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංවිම කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින නියළි කාළගුණය හමුවේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස විදුලිය කප්පාදුවක් සිදුකරන්නේ විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය නිසා බවත් වාර්තා වෙයි.
මේ අතර අද (22) පස්වරුව වන විට , කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18% ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.