FAST NEWS

24×7 Around the Globe

‘කැවුමා’ අප්‍රේල් 05 වැනිදා දක්වා රිමාන්ඩ්…

කැලුම් ඉන්දික නොහොත් “කැවුමා” අප්‍රේල් 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (22) නියම කළේය.
මෙම සැකකරු පසුගියදා කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් කෝටි 500 දියමන්ති මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වෙයි.
මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ සැකකරු මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු බවට ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වී ඇති හෙයින්, මධූෂ්ට එරෙහි පතාල සාමාජිකයන්ගෙන් සැකකරුගේ ජීවිතයට මරණීය තර්ජන ඇති බවයි.