FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් අකුණූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) රාත්‍රී 8.00 දක්වා වලංගු වන පරිදි අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පස්වරු 03 ට නිකුත් කර තිබේ.
ඒ අනුව සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.