FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් රහස් පොලිස් සැරයන්වරයා යළිත් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා අප්‍රේල් 05 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයාව අත්අඩංගුවට ගනු ලැබීය.