FAST NEWS

24×7 Around the Globe

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද (22) ඇරඹේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙම වැඩපළිවෙල ක්‍රියාවට නැංවෙනු ලැබේ.
කෘත්‍රිම වැසි ඇති කිරීමට යොදා ගන්නා ගුවන් යානය අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළින් නික්මෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
එම ගුවන් යානය මගින් මස්කෙලිය ප්‍රදේශය ආශ්‍රිතව කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළව රසායනික ද්‍රව්‍ය ඉසීමට ද නියමිතව ඇති බවත් වාර්තා වෙයි.