FAST NEWS

24×7 Around the Globe

බළලෙකු නිසා කාන්තාවක් ගුවන් යානයක් ගොඩ බස්වයි.

‍ෙලාස් වේගාස් සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වා තිබේ.

ඒ එම යානයේ ගමන්ගත් කාන්තාවකට අයත් බළලෙකු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් නානකාමරය තුළ තැබීම ඊට හේතුවෙන්.

සිද්ධියෙන් කෝපයට පත් කාන්තාව කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට ද පහර දී ඇති බවයි විදෙස් වාර්තා පවසා ඇත්තේ.

අනතුරුව කාන්තාව විසින් තමා සන්නද්ධ කල්ලික සාමාජිකාවක බව පවසා ගුවන් යානය ගොඩ බැස්ස වීමට පියවර නොගතහොත් එම කල්ලිය කැඳවනවා යැයි තර්ජනය කර ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කර ඇති අතර ඇය අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.