FAST NEWS

24×7 Around the Globe

කොකාකෝලා සමාගමට පරිසර ආරක්ෂණ බලපත්‍රය යළි දෙයි.

කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (31) තීරණය කළේය.

එවැනි වැරැදි යළි සිදුනොවීමට වගබලාගන්නා බවට අදාළ සමාගම පොරොන්දු වී ඇති නිසාද මධ්‍යම පරිසර අධිකාරිය දුන් උපදෙස් අනුව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර තිබූ නිසාද බලපත්‍රය යළි ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය.

පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක්ද කොකා කෝලා සමාගමට නියම කරනු ඇති බවත් ධර්මසිරි මහතා පැවසීය.