FAST NEWS

24×7 Around the Globe

ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන 04 දක්වා රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2009 වසරේ කොළඹදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැදවනු ලැබීය.

මෙහිදී හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සහ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය දැන සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුවේ දෙවැනි සැකකරු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන මස 04 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2009 වසරේ ජනවාරි මස 11 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බොරැල්ල සහ කොටහේනේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.