FAST NEWS

24×7 Around the Globe

අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම සදහා කැබිනට් අනුමැතිය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

අධිකරණ කටයුතු ඉහළ යෑම , ඒ සඳහා භාවිතා කරන ගොඩනැඟිලිවල අධිකරණවල ඉඩකඩ හා පහසුකම් නොමැති වීම ආදී හේතූන් මුල්කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නාරම්මල සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිල්ල පුළුල් කිරීම, වලපනේ දිසා මහේස්ත්‍රාත් ගොඩනැඟිල්ල ඉදි කිරීම , අක්කරෙයිපත්තුව හා පොතුවිල් දිසා මහේස්ත්‍රාත් අධිකරණවල හා ලේඛනාගාරය ඉදි කිරීම, වාකරේ හා තෙල්ගොඩ සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීම, හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සඳහා නිල නිවාස ඉදි කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.