(ෆාස්ට් නිව්ස් – කොළඹ) රජය විදුලිය කප්පාදුවකට සූදානම් වන බවට කිසියම් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ව්‍යාජ විද්‍යුත් පණිවිඩය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමීණිලි කළ බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
අදාල පණිවිඩය වසර හතරකට පමණ පෙර වෙනත් පාර්ශවයක් නිකුත් කල විද්‍යුත් පණිවිඩයක් බව අද (21) නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.








