(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි නඩුවේ 04 වන විත්තිකරුට විදෙස් ගත වීම සදහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අවසර හිමිවිය.
සුධම්මික කේමින්ද ආටිගල නම් මෙම විත්තිකරු හට අප්‍රිකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සංගමයේ රැස්වීමක් සඳහා සහභාගී වීමට මෙම අවසරය හිමිවූ අතර, විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය පෙර ඇප මත මුදා හරින ලෙසද අධිකරණය නියෝග කළේය.
රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් අවභාවිත කරමින් වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරගාරය ඉදිකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.








