FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුවෙන් ශ්‍රී ලංකාවට පිළිතුරු..

(ෆාස්ට් නිවිස් – කොළඹ) – මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය නිසි වාර්තා සහ ලේඛන ශ‍්‍රී ලංකා රජය ලබා දෙන්නේ නම් ඔහු රටින් පිටුවහල් කිරීමට හැකි බවත්, ශ‍්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිය රජය නීතියෙන් බැඳී සිටින බවද සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය මෙතෙක් සහය ලබා දී නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් එය ප‍්‍රතික්ෂේප කරන බව සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් අවධාරණය කර තිබේ.