(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කඩවත සිට කෙරවළපිටිය දක්වාවූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට නිමවී ඇති බවත් එය ලබන ජූලි මාසයේදී විවෘත කිරීමට නියමිත බවද අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.
ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධවීමෙන් කොළඹ නගරය මඟහැර දකුණට පිවිසීමේ හැකියාව ජනතාවට හිමිවන බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
මේ වසර තුළදී අධිවේගී මාර්ග පද්ධතිය තවදුරටත් පුළුල් වන බව පෙන්වා දෙන ඕපනායක මහතා ඇතිවිය හැකි තදබදයන් දුරු කිරීම සඳහා අධිවේගී මාර්ග පරිහරණය සඳහා මුදල් ගෙවීම විද්යුත් ක්රමයට පරිවර්තනය කරන බවද පවසයි.








